The Family Star (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Family Star

Name : The Family Star (2024)
Year :
April 5, 2024 (India)
IMDB Rate : 5.6/10
Starring:‎Vijay Deverakonda, Mrunal Thakur, Divyansha Kaushik, Rohini Hattangadi
Language: Telugu 
Director: Parasuram

ඔන්න යාලුවනේ අපි ඔයාලට ගෙනාවා අද ඔයාලා බලන්න කැමැත්තෙන් හිටපු ෆිල්ම් එකක් වන The Family Star (2024), හැබැයි පොඩ්ඩක් කියන්න ඕනේ අපිට තාම මේකේ සබ් එක කරන්න නම් ටිකක් කල් යයි. එත් අපි ඔයාලට ෆිල්ම් එක බාගන්න ලින්ක් එකක් දෙනවා. සබ එකත් ටික දවසකින් දෙන්නම්. මොකද ඉංග්‍රීසි ෆිල්ම් වගේ නෙවෙයි මේ වගේ වෙනත් භාෂාවක ෆිල්ම් එකක් බලනකොට ටිකක් ඇඟට දැනෙන්න බලන්න ඕනේ.

දැන් ඔයාලට කියන්නම් මේ ෆිල්ම් එක මොකද්ද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේක නිර්මාණය වුනේ කියලා.

මේකේ රඟපාන ප්‍රධාන නළුවා ගැන නම් ඔයාලට කියන්න ඕනේ නැහැ කියලා හිතනවා Vijay Deverakonda තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ වගේම මේකේ නිළිය විදිහට රංගනයෙන් දායකත්වය සපයන්නේ Sita Ramam, Hi Nanna වගේ මෑතකදී ජනප්‍රිය වුණු ලස්සනම ආදරකතා වල හිටපු Mrunal Thakur.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Geetha Govindam, Sarkaru Vaari Paata, Solo වගේ රසිකයන් අතර ජනප්‍රිය වුනු ෆිල්ම් ටිකක් කරපු Parasuram කියන අධ්‍යක්ෂකවරයා.

මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2024.04.05 තමයි රිලීස් වුනේ, මේකේ භාෂාව නම් තෙලිඟු, එත් මේ වෙනකොට දමිල භාෂාවෙන් පවා නිකුත් වුනු පිටපත් තියනවා. මේ ෆිල්ම් එක හයිද්‍රාබාද් සහ නිව්යෝර්ක් වල තමයි ගොඩාක් ම රූ ගත කිරීම් කරලා තියෙන්නේ.

තව දෙයක් මේක විජය දෙවර කොන්ඩා ගේ 11 වන සිනාමා නිර්මාණය.

මේ ෆිල්ම් එකට නම් ගොඩාක් හොද විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් හම්බ වුනේ නැහැ කියලා තමයි කතා වෙන්නේ. මේ ෆිල්ම් එකේ පළමු භාගය ඉතා හොදට ගලාගෙන ගියත් දෙවන භාගය එතරම් හොදට නිර්මාණය කරන්න බැරිවෙලා තියනවා කියලා තමයි ගොඩාක් චිචාරකයන් ප්‍රකාශ කරලා තියෙන්නේ.

අපි ටිකක් කතාව පැත්තටත් යමු. කව්රු මොනවා කිව්වත් අපි ෆිල්ම් එකක් බලලා තීරණය කරනකම් ඒක හොදද නැද්ද කියලා තීරණය කරන්න බැහැ, මොකද අපි විවිධා අකාරයට විවිධ කෝණයන් ගෙන් සමහර දේවල් වටහා ගන්නේ ඉතින් අපි බලලා තීරණය කරමු මේක කොහොම වේවිද කියලා.

ගොවරධන් කියන්නේ මධ්‍යම පන්තික පවුලක කොල්ලෙක්, හයිද්‍රාබාද් වල පොඩි ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මෙයාට ගොඩාක් මුල්‍යම ප්‍රශ්න වගේ දේවල් තියනවා. ඉන්දු කියන්නේ ටිකක් සල්ලි තියන කෙල්ලෙක් ඉතින් මේ ඉන්දු යි. ගොවර් ධනුයි ටිකක් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඉතින් මේක ටික කාලයක් යද්දී ආදරයකට පෙරළෙනවා. ඕනෑම ආදර කතාවක පොඩි පොඩි හැල හැප්පීම් තියනවානේ. ඉතින් මේ දෙන්නා අතරත් ඒ වගේ දෙයක් වෙනවා.

ඒ මෙන වගේ දෙයක්ද කියලා අපි ෆිල්ම් එක බලලා රස විඳිමු නේද?
තවදෙයක් සිංහල උපසිරස හදන්න ටිකක් කල් යන නිසා අපි ඉංග්‍රීසි උපසිරසේ සිංහල පරිවර්තනයක් දෙන්නම්. බනින්නම් එපා එක සෙට් වෙන්නේ නැහැ කියලා. ඕන අය ඉන්නවා නම් අරගෙන බලන්න, ටිකක් අවුල් තමයි. එත් ටිකක් හරි වටහා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක හමුවෙමු,

අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා, අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ එක දෙන්න වෙලා ගියත් බාගන්න ලින්ක් එකක් අපි අනිවාර්යෙන් දෙනවා ඔයාලට එක නිසා හැම වෙලේම අපිත් එක්කම ඉන්න,

මේකෙත් හරියට සබ එක හදපු ගමන් ම දානවා

ජයවේවා !!!!

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.