The Three Musketeers – Part II Milady (2023) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

The.Three .Musketeers.Part .II .Milady.2023 LKsubz.com

Year : December 13, 2023 (France)
IMDB Rate : 6.5/10
Starring: François Civil, Vincent Cassel, Romain Duris Romain, Eva Green
Language: French
Director: Martin Bourboulon

අද අපි අරගෙන ආවේ The Three Musketeers – Part II Milady කියන ෆිල්ම් එක , මේක රිලීස් වුනේ 2023 වසරේ දෙසැම්බර් මාසේ,මේක ප්‍රංශයේදී තමයි තිරගත විම ආරම්භ කරේ , මේකේ ඉංග්‍රීසි කොපි එකක් නම් හොයාගන්න බැරි වුනා අපිටත් තාම, එත් මේක ප්‍රංශ භාෂාවෙන් තිබුනා කියාලා අපි උපසිරැස නිර්මාණය කරන එක නැවැත්තුවෙත් නැහැ,අපිට පුළුවන් අපරිම උත්සාහය යොදවලා අපි මේකට ගැලපෙන විදියට උපසිරස නිර්මාණය කරා,මේක IMDB අගය 6.5 වෙලා තිබුනා , ඒවගේම මේක ත්‍රාසජනක , ඇක්ෂන් වගේ ෆිල්ම් වලට කැමති අයට බලන්න හොද ෆිල්ම් එකක් කියලා මම විශ්වාස කරනවා ,

ටිකක් කතාව පැත්තට ගියොත්

චිත්‍රපටිය ආරම්භ වන්නේ D’Artagnan ගේ පැරිසියට යන ගමනෙන්, එහිදී ඔහුට තරුණ වංශවත් කාන්තාවක් පැහැර ගැනීමට උත්සාහ කරන ආයුධ සන්නද්ධ පිරිසක් මුණගැසෙයි. ඇයව බේරාගැනීමේ උත්සාහයේ දී D’Artagnan බොහෝ දුරට මිය යයි. පසුව ඔහු මස්කෙටියර්ස් හි අණදෙන නිලධාරියා වන කැපිටින් ඩි ට්‍රෙවිල් වෙත ගොස් කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා වෘත්තියක් ආරම්භ කිරීමට තීරණය කරනවා,

ඔය වගේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර සිදුවෙන දේශපාලනමය හැල  හැප්පීම්, ආදර කතාවකුත් එක්ක ගලාගෙන යන ෆිල්ම් එක ලෙස මේක හදුන්වන්න පුළුවන් ,

ඉතුරු ටික ඔයාලම බලලා තීරණය කරන්න ,ඒවගේම අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා,

එහෙනම් තවත් මේ වගේම ෆිල්ම් එකක් එක්ක හමුවෙමු,

ජයවේවා!!

ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.