Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Salaar Part 1 Ceasefire (2023)

Title : Salaar: Part 1 – Cease Fire (2023)
Year :
March 8, 2024 (USA)
IMDB Rate : 6.5/10
Starring :‎ Prabhas, Prithviraj Sukumaran, Shruti Haasan
Language: Telugu
Director: Prashanth Neel

SALAAR – කාන්සාර් හි නොබිඳුණු මිතුදම

2023 වසරේ තෙලිඟු සිනමාවේ   තිරගත වුනු දැවැන්ත සිනමා නිර්මාණයක් තමයි අද අපි අරගෙන ආවේ..රෙබෙල් ස්ටාර් යන අනුවර්තන නාමයෙන් හඳුන්වන Prabhas තමයි මේ සිනාමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය සපයන්නේ.

අපි ඉස්සෙල්ලම ෆිම් එකේ විස්තරයක් ඔයාලට කියන්නම් ,
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා Prashanth Neel, අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම මතක් කරන්නම ඕනේ, මොකද මේ අධ්‍යක්ෂකවරයා තමයි KGF ෆිල්ම් දෙකම කරේ.

ඒවගේම salaar ෆිල්ම් එකත් මේ අධ්‍යක්ෂකවරයාගේ මංගල සිනාමා නිර්මාණය වන Ugramm (2014) ෆිල්ම් එකෙන් කොටසක් උපුටාගෙන කරපු එකක් , හරිය කිව්වොත් Ugramm (2014) ෆිල්ම් එකට අලුත් මුහුණුවරක් වගේම ,ටිකක් කතාව අතීතයට අරගෙන ගිහින් කරපු එකක් වගේ කියලා කියන්න පුළුවන්.

Salaar නිර්මාණය කරන්න පටන් ගත්තේ 2023 වර්ෂයේ, කොහොමත් අවුරුදු 3 ක විතර කාලයක් මේකේ රූගත කිරීම් කරලා තියනවා,ඉන්දියාවේ වගේම ඉතාලියෙත් මේ ෆිල්ම් එකේ රූගත කිරීම් කරලා තියනවා.

මේ ෆිම්ල් එක හදන්න ඉන්දියානු කෝටි 270 වියමක් කරලා තියනවා , ඒවගේ මේකේ ආදායම කෝටි 700 ඉක්මවලත් ගිහින් තියනවා මේ වෙනකොට , 2023 වසරේ තෙලිඟු සිනමාවේ වැඩිම අදාමක උපයා ගන්නට සමත් වුනු ෆිල්ම් එක බවටත් මේ salaar සමත් වෙනවා .

විචාරක හා ප්‍රේක්ෂකයන් ගේ මත වලට අනුව සාලාර් , KGF ෆිල්ම් දෙක වගේ කියලා තමයි කියන්නේ , පසුබිම් සංගීත , රංගනය , පසුතල නිර්මාණ , මේ වගේ ගොඩාක් දේවල් KGF ෆිල්ම් දෙකට සමාන කමක් දක්වනවා කියලත් හිතන්න පුළුවන්.

කොහොම වුනත් කම්මැලි කමක් නැතිව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් කියලා නම් කියන්න පුළුවන් , salaar පළමු කොටස මේ වගේ අවසන් වුනාට දෙවන කොටස මිට වඩා හොඳට තියේවි කියලා ගොඩාක් ය විශ්වාස කරනවා එත් මේකේ දෙවෙනි කොටස බලන්න අපිට 2025 වර්ෂය වෙනකම් ඉන්න වෙනවා , තාම හරියට දිනයක් නම් සඳහන් කරලා නැහැ ඒ ගැන,

කතාව ගැන කෙටියෙන් කිව්වොත් රාජධානියක මිතුරන් දෙන්නෙක්ගේ කතාවක් කියලා කෙටියෙන් කියන්න පුළුවන්, මේකේ කතාව කියනවට වඩා බලලා ම තේරුම් ගන්න එක තමයි හොඳම දේ , මොකද මේ ෆිල්ම් එකේ කතාව ටිකක් සංකීර්ණයි වගේ ලොකුයි.

ටිකක්වත් වත් මිස් කරන්නේ නැතිව බලන්න ඕන ෆිල්ම් එකක් කියලත් කියන්නම ඕනේ දෙයක්, මොකද මේකේ කතාවේ තමයි හැමදේම තියෙන්නේ
අපි හිතනවා ඔයාලා මේක ආසාවෙන් බලයි කියලා,
එහෙනම් තවත් සිනමා නිර්මාණයක් එක්ක හම්බවෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.